ෆස්මිනා
සිපගන්න හදවතක් දෙතොල් නම් කුමට
විඳගන්නෙ ප්‍රේමයක් ගතින් නම් කොහොම
ළං වෙන්න ඇතුළතින් වර්ගයක් නොමැත
දෛවයේ සරදමක් අපහටත් ලැබිණ
මා විඳින සුවය නුඹ මතු නිමා කරනු ඇත
ඒ දිනට පීරලා හදවතේ සොයන කොට
පැතූ හැම සිහිනයම එකම ඇයි අසාවිද
පිළිතුරක් ඒ විටත් ඒ තුළම නැතිවාද
අවසාන වතාවට හුස්ම හිරවෙන්න ලඟ
මරතෝඬි රටාවල ලියවෙච්ච කතාවට
ඉඟියකින් පටුන තුළ තිබූ ඒ මුල්ම තිත
නිමි කියලා අන්තිමේ එයත් නුඹ තියනවද
20.07.09
RNI
විඳගන්නෙ ප්‍රේමයක් ගතින් නම් කොහොම
ළං වෙන්න ඇතුළතින් වර්ගයක් නොමැත
දෛවයේ සරදමක් අපහටත් ලැබිණ
මා විඳින සුවය නුඹ මතු නිමා කරනු ඇත
ඒ දිනට පීරලා හදවතේ සොයන කොට
පැතූ හැම සිහිනයම එකම ඇයි අසාවිද
පිළිතුරක් ඒ විටත් ඒ තුළම නැතිවාද
අවසාන වතාවට හුස්ම හිරවෙන්න ලඟ
මරතෝඬි රටාවල ලියවෙච්ච කතාවට
ඉඟියකින් පටුන තුළ තිබූ ඒ මුල්ම තිත
නිමි කියලා අන්තිමේ එයත් නුඹ තියනවද
20.07.09
RNI
| RNI Lyrics-fasmina |

Comments
Post a Comment